=> Not registered yet?
Forum - Overview ( Gay Information Sri lanka ) Forum - සයිට් එක ගැන අතීත මතක xoxo (1 post so far) | | කලින් තිබුණු සයිට් එක ඩවුන් වුණේ ඇයි කියලා අදටත් දන්නේ නෑ. ඒත් මේ සයිට් එක අලුතෙන් හදපු ඇඩ්මින්ට ගොඩක් පිං. මේ සයිට් එකත් එක්ක තියෙන පරණ, නොස්ටැල්ජික් මතක කොච්චරක්ද කියන්න බැරි තරම්. ඉස්සෙල්ලාම මේ සයිට් එක ගැන දැනගත්තේ ඉස්කෝලේ හත වසරේදී වගේ. මම ඒ ලෙවල් කලේ 2012 අවුරුද්දේ. මොන තරම් ලස්සන අතීතයක්ද? දැන් කාලේ වගේ ගේ ගැන හරියට මුකුත් දන්නේ නෑ. මේ සයිට් එකෙන් ගොඩක් හොඳ මිනිස්සු දැන අඳුරගත්තා. ඒ කිසිම කෙනෙක් ඒ වෙනකොට ඉස්කෝලේ යන වයසේ හිටපු මාව අවභාවිතා කළේ නෑ. ලොකු අයියලා වගේ හරිම ආදරෙන් උපදෙස් දීලා හොඳ යාළුවෝ වගේ ආශ්‍රය කළා. මම ඉස්සර මම සෙට් වෙච්ච හැටි ගැන කතා ලියලා මේ සයිට් එකේ දානවා. කමෙන්ට් වලින් ඊමේල් වලින් තමයි රිප්ලයි එන්නේ ඒවාට. හරිම ලස්සනයි ඒ අතීතය. වෙරළු මල් වගේ සමහර කතා කියවලා ඇඬුවා. සමීරගේ දිනපොත වගේ කතා කියවලා ඕනේ තරම් අත මැරුවා. ඒ දවස් වල ෆේස්බුක් එක දැන් වගේ විවෘත නෑ. ගේ අය ඔක්කොම වගේ ෆේක් එකවුන්ට් වලින් තමයි වැඩ ඇල්ලුවේ. මේ සයිට් එකයි, ගෙට්රියල් ෆෝරම් වගේ බ්ලොග් කීපයක් තමයි ගේ අයට වෙන්වෙලා තිබ්බේ. හරිම ලස්සන කතා තිබුණා. ඒ හිටපු ගොඩක් අය රට ගියා. සමහර යාළුකම් ඒ අය කසාද බැන්දට පස්සේ මම නැවැත්තුවා මොකද හිතට එකඟව ඒ දේ මට කරන්න බැරි නිසා. අදට මේ සයිට් එකෙන් පොඩි කාලේ ඉඳන් අඳුරගත්ත එක අයියා කෙනෙක් එක්ක විතරක් යාලු ෆිට් එක තියෙනවා. ඒත් එක පාරක් වත් අපි මුණගැහිලා නෑ. මටම පුදුමයි ඒ ගැන. මේ සයිට් එක පීක් කාලයේ හිටපු ගේ අයගේ හොඳ ගතිගුණ තිබ්බා. ගොඩක් අය ජෙනුයින්. මට ලොකු ගෞරවයක් තියෙනවා මම ඉස්කෝලේ යන වයසේදී මාව හම්බුණත් මාව නරක දේවල් වලට යොදවා ගත්තේ නැති අයියලා ගැන. මම මේ සයිට් එකට ගොඩක් ආදරේ වෙන්න ඒකත් එක හේතුවක්. මොන තරම් ඉතිහාසයක්ද? මොන තරම් කතා ගොඩක්ද? මොන තරම් ආදරය පිරුණු තැනක්ද? ඒ ගැන හිතද්දිත් ඇඩෙන්න වගේ එනවා. ඒ තරම් ඒ අතීතය ලස්සනයි. අද හැමෝම ලොකු මිනිස්සු. වගකීම් ඔලුවේ පුරවාගෙන මැෂින් වගේ ඔහේ දුවනවා. ඒත් මේ සයිට් එකට අදටත් ආවම ඉස්සර තිබ්බ සරළ දවස් වල මතක එකක් නෑර ඔලුවට ඇවිත් මගේ හිතට බර දෙනවා. ඒ කාලේ මේ සයිට් එකේ හිටපු අය ඉන්නවා නම් ඒ දවස් ගැන මතක බෙදාගමු. හැමෝම සතුටින් ඉන්න. | | | | amila (2 posts so far) | | | | | | amila (2 posts so far) | | aparade mama me podi kale kiyawapu kathwak aya balanna awa balldi tama dakke okkoma nathi wela kiyala | | | | sanuka (2 posts so far) | | 1.තවත් එක් කතාවක්
2.My love with bus conductor
3.ගමේ ගිහින්
4.ගග අද්දර මොන තරම් ලස්සන කතා තිබ්බද සමහර එවා පස්සේ වෙන වැල කතා page වල තිබ්බා. එත් කීපයයි. |
Total topics: 42 Total posts: 73 Total users: 85 Online now (registered users): Nobody 
|